Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකුගෙන් පෙත්සමක්  

Add comments

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව කියමින් බන්ධනාගාර රැදවියන් 8 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී රැදවියෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමිනුයි සැකකරුවන් 8 දෙනා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින බවයි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අමතරව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා මෙන්ම, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

The post රාජ්‍ය ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකුගෙන් පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG