Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුදු පොකුරට ඊයෙත් 1,662 ක් – මරණ ලැයිස්තුවට 11ක්  

Add comments

අපේ රටෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හදුනාගත්ත දවස විදියට ඊයේ (30) දවස වාර්තා අතරට එක්වුණා.

ඊයේ දවසෙදි අලුත් අවුරුදු කොරෝනා පොකුරට එක්වුණ  ආසාදිතයින් ගණන 1662ක්.

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1662ගෙන් 26 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ අටදහස් එකසිය හතලිස් හයක්. ඒ අතරින් එකොළෙස් දහස් හාරසිය අනූතුන් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූපන්දහස් නවසිය හැත්තෑ පහක්.

ඊයේ දවස තුළ කොරෝනා මරණ 11 ක් වාර්තා වුණා. පිළියන්දල පදිංචි 79 හැවිරිදි කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, මාතලේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් හා කළුතර පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක් මියගිය පිරිසට ඇතුළත්. එමෙන්ම වත්තල පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, දිවුලපිටිය පදිංචි 51හැවිරිදි පුද්ගලයෙක් හා පැපිලියාවල පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක් හා  අනුරාධපුර පදිංචි 64 හැවිරිදි කාන්තාවක් ද මේ අතර වනවා. කොළඹ 14 පදිංචි 94 හැවිරිදි පුද්ගලයෙක්, පරගස්තොට පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් හා කැළණිය පදිංචි 46 හැවිරිදි කාන්තාවක ද ඊයේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 678ක්.

හැටන් ඩන්බාර්වත්ත ඉහළ කොටසේ නිවාස සංකීර්ණයක එකම පවුලේ 12 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. සිදුකල පීසීආර් පරික්ෂණවලදී එය තහවුරු වූ බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා සදහන් කළේ.

වැලිකන්ද බටුහේන ගම්මානයේ පුද්ගලයින් විසි හතර දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමග ඔවුන් වැලිකන්ද හා පුනානි විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා.

මේ අතර ආනමඩුව මූලික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද සිට ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළා. කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම අද සිට සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

The post අලුත් අවුරුදු පොකුරට ඊයෙත් 1,662 ක් – මරණ ලැයිස්තුවට 11ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG