Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්ව සකස් කළ යෝජනා 21 කින් යුත් නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා අතිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම යෝජනාව භාරදෙනු ලැබුවේ.

නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූයේ අරලියගහ මන්දිරයේදීයි. මහින්ද රාජපක්ෂ මහතා එවකට කම්කරු අමාත්‍යවරයා ලෙස ගෙනආ කම්කරු ප්‍රඥප්තිය මගින් වැඩකරන ජනතාවට සිදුවූ සේවාව ඉමහත්. එම සේවාව සහ කම්කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඒ මහතා දැක්වූ දායකත්වය වෘත්තීය සමිති නායකයන් මෙහිදී ඇගයීමට ලක්කළා.

රාජ්‍ය,  අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැටුප් වැඩි කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගත් පියවර ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG