Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් සභා ඡන්දය කල් දැමීමට එජාපයෙන් ඉඩක් නැහැ  

Add comments

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී.

සමෘද්ධි සහනාධාර වැඩි කිරීම ,ගම්පෙරළිය වැඩසටහන තුළින් පොදු ජනතාවට තවත් සහන ලබා දීම මෙන්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ වේගවත්ව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිඇමතිවරුන් ප්‍රකාශ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG