Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයකට සූදානම්  

Add comments

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ සංචාරයක නිතර වීමට සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය සිදු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව විශාලතම ආර්ථිකයන්ගෙන් සමන්විත චීනය හා ඇමෙරිකාව අතර සීතල යුද්ධයක් පවතින අතරතුරදී මෙම සංචාරය සිදු කිරීම විශේෂත්වයක්.

මෙම සංචාරය හරහා දේපාර්ශවයේ දියවී ගොස් ඇති සබදතා යළි ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණ ද චීන ඔත්තු බැලිමේ බැලුම් සිද්ධිය හේතුවෙන් සංචාරය අත්හිටවනු ලැබුවා.

කෙසේ වුවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

 

 

 

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයකට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG