Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කබන වමචනය ශනය කරම සඳහ පවත ජනමත වචරණයට සවටසරලනතය ජනතවග සහය  

Add comments

2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරිම සඳහා පැවති ජනමත විචාරණයට ස්විට්සර්ලන්තය ජනතාව සහාය පළකර තිබෙනවා.

2050 වසර වන විට ස්විට්සර්ලන්තය පොසිල ඉන්ධන දහනය සම්පුර්ණයෙන් අත්හිටුවීම ඉලක්ක කර ගනිමිනුයි මෙම ජනමත විචාරණය පැවැත්වුනේ. ඒ අනුව ඒ සඳහා වන කාලගුණ පනත ඉදිරියේ දී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ස්විට්සර්ලන්තයේ බලශක්ති අවශ්‍යතාවය මෙන්ම පරිසරය හා ස්විට්ස් ග්ලැසියර ආරක්ෂා කර ගැනීම තම ප්‍රමුඛතාවය බවයි රජය පෙන්වා දෙන්නේ. ඛණිජ තෙල් හා ගෑස් භාවිතය පසෙකලා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීම රජයේ අරමුණයි. ජනමත විචාරණයේ දී ඊට සහාය පළකරමින් 59.1%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා.

 

 

 

 

The post කාබන් විමෝචනය ශුන්‍ය කිරිම සඳහා පැවති ජනමත විචාරණයට ස්විට්සර්ලන්තය ජනතාවගේ සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG