Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරක රජය ලකම චන රජය නලධරන කහපදනක හමවය  

Add comments

චීන සංචාරයක නිරත ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් එරට ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මුණගැසී විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා තම චීන නිළ සංචාරය ඊයේ ආරම්භ කළා. ලොව බලවත්ම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය හා ඇමෙරිකාව සීතල යුද්දයක නිරත වී සිටින අතරතුර මෙම සංචාරය සිදු කිරීම විශේෂත්වයක්. පසුගිය පෙබරවාරි මාසයේ දී රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය සැලසුම්කර තිබුණ ද චීන ඔත්තු බැලීමේ බැලුන් සිද්ධිය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජතාන්ත්‍රිකයෙකු චීනයේ සංචාරයක නිරත වන්නේ වසර 5කට පමණ පසුවයි.

ඇන්තනී බ්ලින්කන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත අතර මෙතෙක් පැවති සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යට කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.

 

 

 

 

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG