Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සළ කණටවක ජවත 14ක බල ගන  

Add comments

බ්‍රසීලයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතරට මාස 4ක් වයසැති බිළිදෙක්ද ඇතුළත්.

සුළි කුණාටු තත්ත්වයත් සමග හටගත් අධික වර්ෂාව හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති අතර අධික සුළං හේතුවෙන් නගර රැසක ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවද සඳහන්.

පුද්ගලයින් හාරදහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර ගංවතුරට මැදිව සිටි 700කට ආසන්න පිරිසක් බේරා ගැනීමට සමත්වූ බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

මේ ආකාරයටම පසුගිය පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

The post සුළි කුණාටුවක් ජීවිත 14ක් බිලි ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG