Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයේ වේල්ලක් කැඩී යාමෙන් ගම්මාන 80ක් ජලයෙන් යටවෙයි  

Add comments

යුක්‍රේනයේ නෝවා කක්හොව්කා වේල්ල කැඩී යාමෙන් එරට ගම්මාන 80ක් ජලයෙන් යටව තිබෙනවා.

කර්සන් නගරයේ පිහිටි ඩ්නිප්රෝ ගංගාවේ ජලය හරස් කර ඉදිකර ඇති වේල්ල කැඩී යාමෙන් මේ වනවිට හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

පුද්ගලයින් 40,000ක් පමණ අවතැන්ව ඇති බවයි යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ.

වේල්ල කැඩීගියේ ද නැතහොත් රුසියාව එය කඩාදැමුවාද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලන්ස්කි පවසනවා.

එහෙත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට අවශ්‍ය ජලය ද සපයන්නේ මෙම ජලාශය මගින්.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද එයයි.

 

 

 

 

The post යුක්‍රේනයේ වේල්ලක් කැඩී යාමෙන් ගම්මාන 80ක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG