Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැහැ  

Add comments

සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ පමණ සිරුරු මෙතෙක් හඳුනාගැනීමට සමත්වී නැහැ.

දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 288 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

තවත් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය සියවස තුළ ඉන්දියාවේ දී සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස ද මෙය සැලකෙනවා.

දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එම දුම්රියන්හි තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ගමන් කර ඇති බවද සඳහන්.

මියගිය ඇතැම් පුද්ගලයින්ගේ සිරුර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සහන කණ්ඩායම් පවසනවා.

 

 

 

The post ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG