Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගරසය බටට අනතරකන 79 දනක මය යය  

Add comments

ග්‍රීසියේ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවකුයි අනතුරට ලක් වුණේ.

තවත් සිය ගණනක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සියයකට අධික පිරිසක් බේරාගෙන ඇති බව ග්‍රීක වාර්තා සදහන් කරනවා.

ග්‍රීසියේ පයිලෝස් නගරයට නිරිත දිග ප්‍රදේශයේ කිලෝමීටර් 80 ක් දුරින් මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුව ගමන් කරමින් සිට ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාවේයි.

කෙසේ වෙතත් ඒ වෙත ළගා වූ ග්‍රීක මුහුදු ආරක්ෂකයන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කළා. ඔවුන් ගොඩබිමට රැගෙන ඒම තවදුරටත් සිදුවනවා.

මෙය ග්‍රීක ඉතිහාසයේ සිදු වූ දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර වන අතර දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

The post ග්‍රීසියේ බෝට්ටු අනතුරකින් 79 දෙනෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG