Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රසය තනපත කරයලය ඉදකරම ඕසටරලය රජය අතහටවය  

Add comments

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ නව රුසියා තානාපති කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබෙනවා.

නව රුසියා තානාපති කාර්යාලය ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ප්‍රදේශයේ ඉදිකිරීමටයි රුසියාව කටයුතු කර ඇත්තේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පවසනවා.

ඊට අදාළ නීති පාර්ලිමේන්තුව හරහා හැකි ඉක්මනින් සම්පාදනය කිරීමට කටයුතු කරන බවයි ඔහු තවදුරටත් කියා සිටින්නේ. පාර්ලිමේන්තුව අසළ රුසියා තානාපති කාර්යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රජයට ඉතා පැහැදිලි ආරක්ෂක උපදෙස් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

2008 වසරේ දී අදාළ ඉඩම රුසියාව ලීසිං පහසුකම් යටතේ මිලට ගෙන ඇති අතර 2011 වසරේ දී ඉදිකිරීම් සදහා අනුමැතිය හිමිව තිබෙනවා.

 

 

 

 

 

 

The post රුසියා තානාපති කාර්යාලයේ ඉදිකිරීම් ඕස්ට්‍රේලියා රජය අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG