Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම්  

Add comments

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති බිපාර් ජෝයි චණ්ඩ මාරුතය හේතුවෙන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට චණ්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අරාබි මුහුද හරහා හමායන චණ්ඩ මාරුතය ඉදිරි දින දෙක තුළ දැඩි වැසි සහිත කාලගුණයක් ඇතිකරනු ඇතැයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මුහුදු රළ ප්‍රචණ්ඩවීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එය ඉන්දියාවේ ගිනිකොන දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනවා. මේ වනවිට පැයට කිලෝමීටර් 84කට ආසන්න වේගයකින් සුළං හමායාම සිදුවන අතර එය පැයට කිලෝමීටර් 150 දක්වා වැඩිවන බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

 

The post බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG