Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවල යදධයක ඇතවම වළකවමට රසය හමද සමත වබව පටන කයය  

Add comments

සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට රුසියා හමුදා සමත් වූ බව ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා.

රුසියා හමුදාව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ වැග්නර් කැරැල්ල මැඩපැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා රුසියා හමුදාවට ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම වැග්නර් කුලී හමුදාව සතු බර අවි නැවත රුසියා හමුදාවට භාරදිය යුතු බව රුසියා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම වැග්නර් කුලී හමුදාවට සහ එහි නායකයාට එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ඇති බවද සඳහන්.

එමෙන්ම වැග්නර් කුළී හමුදාවට රුසියා හමුදා සමඟ එක්විම හෝ තම මව්රට වන බෙලරූසය බලා පිටත්වීමට අවස්ථාව පවතින බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මේ අතර වැග්නර් කුලී හමුදාවේ නායකයා අද දිනයේදී බෙලරුස් රාජ්‍යයට පැමිණ ඇති අතර ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඔහුව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

 

The post සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට රුසියා හමුදා සමත් වූ බව පුටින් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG