Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක උපාධි ප්‍රධානෝත්සවයක් අතරතුරදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් 18 හැවිරිදි උපාධිධාරියෙකු හා ඔහුගේ පියා මියගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

වෙඩි ප්‍රහාරය සිදුකළ 19 හැවිරිදි පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මේ අතර එම ස්ථානයේ ගිනි අවියක් තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රහාරයට සම්බන්ධයක් නොමැති බව වාර්තා වනවා.

 

The post වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG