Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකණ කරය වසයනග වයස අද සට වසරකන අඩ වය  

Add comments

දකුණු කොරියාවේ සියලු වැසියන්ගේ වයස අද දිනයේ සිට වසරකින් අඩුවී තිබෙනවා.

දකුණු කොරියා ජනතාවගේ වයස ගණනය කිරීම මෙතෙක් සිදුකෙරුණේ සාම්ප්‍රදායික ක්‍රමයකට අනුවයි.

ඒ අනුව දරුවෙකු ගැබ්ගැනීමේ සිට වයස ගණනය කිරීම ආරම්භ වන අතර දරුවෙකු උපත ලැබූ විට ඔහුගේ වයස අවුරුද්දක් ලෙස සලකනු ලැබුවා.

එමෙන්ම උපන්දිනය නොසලකාහැර සෑම වසරකම ජනවාරි පළමුවනදා වයසට තවත් වසරක් එක්කිරීමයි සාම්ප්‍රදායික ක්‍රමය අනුව සිදුකෙරුණේ.

එම සාම්ප්‍රදායික ක්‍රම වේදය අද දිනයේ සිට අහෝසි වන අතර ජාත්‍යන්තර ක්‍රමවේදය අනුව දරුවෙකු ඉපදීමෙන් අනතුරුව වයස ගණනය කිරීම ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එරට සියලු ජනතාවගේ වයස වසරකින් හෝ දෙකකින් අඩුවන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

පැරණි ක්‍රමවේදය හරහා දකුණු කොරියාවේ සමාජ හා ආර්ථික තත්ත්වයට අනිසි බලපෑම් එල්ලවූ බව ජනාධිපති යූන් සුක් යෙයෝල් පෙන්වා දෙනවා.

 

 

 

The post දකුණු කොරියා වැසියන්ගේ වයස අද සිට වසරකින් අඩු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG