Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගලය මධයනය උෂණතවය ජන මසයද වරතගත ලස ඉහළට  

Add comments

ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය මෙම ජුනි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙම ජුනි මාසය ලෝකයේ මධ්‍යයන උෂ්ණත්වය වැඩිම අගයක් වාර්තා කළ මාසය වනවා.

ඒ අනුව සෙල්සියස් අංශක එකයි දශම පහක් දක්වා ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

ජුනි 8 සහ 9 යන දිනයන්වල ගෝලීය සාමාන්‍ය දෛනික උෂ්ණත්වය පෙර දිනවලට වඩා සෙල්සියස්  බිංදුවයි දශම හතරකින් ඉහළ යාම සිදුව තිබුණා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගියදා කියා සිටියේ ලෝකය දේශගුණ විපර්යාස ව්‍යසනයක් කරා දිව යන බවයි.

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය මෙලෙස ලෝක උෂ්ණත්වය ඉහළ යාමට හේතු වි ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

The post ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ජුනි මාසයේදී වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG