Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉනදයව සවල යදධයක ආරමභ වමට ඉත ආසනන බවට වශලෂකයන අනතර අඟවය  

Add comments

ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ සිවිල් යුද්දයක් ආරම්භ වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ජන වර්ග දෙකක් අතර පසුගිය කාලය පුරා ගැටුම්හට ගත්තා.

එම ගැටුම් වලින් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 60000ක පමණ පිරිස් අවතැන්ව කඳවුරු වල වාසය කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දෙපාර්ශවයටම අයත් ආගමික ස්ථාන විනාශ කර ඇති බව ද සඳහන්.

තත්ත්වය පාලනය කිරීමට 40000ක පමණ ආරක්ෂක භට පිරිස් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මනිපුර් ප්‍රාන්තයේ තත්ත්වය ලිබියාව , ලේබනනය , නයිජිරියාව හා සිරියාවේ තත්ත්වයට සමානවනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

 

 

 

 

The post ඉන්දියාවේ සිවිල් යුද්ධයක් ආරම්භ වීමට ඉතා ආසන්න බවට විශ්ලේෂකයින් අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG