Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආතලනතක සගරය අතරදන වසබමරනය ගන හඩවවක?  

Add comments

ආත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ ටයිට්න් සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් තවත් ශබ්ද රැසක් ශ්‍රවනය වූ බව ඇමෙරිකා වෙරළාරක්ෂක බළකාය නිවේදනය කරනවා.

ඊයේ දිනයේදී පළමු වරට ගැඹුරු මුහුදෙන් ශබ්ද ශ්‍රවනය වූ බව ඇමෙරිකා වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා.

කෙසේ වුවද ශ්‍රවනය වූ ශබ්ද නිශ්චිතවම කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමටයි ඇමෙරිකා වෙරළාරක්ෂක බළකාය කටයුතු කර ඇත්තේ.

ඒ සඳහා කැනඩාව සහ තවත් රටවල් කිහිපයක සහාය හිමි වී තිබෙනවා.

කෙසේ වුවද සබ්මැරීනයේ ඉතිරි වී ඇති ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ අද සන්ධ්‍යාව වන තෙක් පමණක් බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.

පසුගිය ඉරිදා අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමග තිබූ සබඳතා ඇණහිටි අතර  පාකිස්තාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය බිලියනපතියෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගියා.

පොළොව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ මෙම සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණා.

සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි නෞකා ,සබ්මැරීන හා ගුවන් යානා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ආත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ සබ්මැරීනය ගැන හෝඩුවාවක්? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG