Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජරමනය මශ පරභජනය වරතගත ලස පහළට  

Add comments

ජර්මනියේ මාංශ පරිභෝජනය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ වන විට බොහෝ ජර්මන් ජාතිකයන් නිර්මාංශ ආහාරවලට නැඹුරු වී ඇතැයි ජර්මානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මාංශ ආශ්‍ර යෙන් ලබා ගන්නා ප්‍රෝටීන් වෙනුවට ශාක ආශ්‍රියෙන් ප්‍රෝටීන් ලබාගැනීමට ඔවුන් නැඹුරුවී ඇති බවද  සඳහන්.

මාංශ පරිභෝජනය අවම කිරීම හරහා පරිසරයට හා සතුන්ට සිදුවන හානිය අවම වන බව ද එමගින් ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වාගැනීමට හැකි වන බවද ජර්මන් වැසියන් පවසනවා.

2022 වසරේදී ජර්මානු වැසියෙක් කිලෝ 52 කට ආසන්න මාංශ ප්‍රමාණයක් පරිභෝජනය කර ඇති අතර 1989 වසරේ සිට අඩුම මාංශ පරිභෝජනයක් වාර්තා වූ වසර ලෙස එය සැලකෙනවා.

 

 

The post ජර්මනියේ මාංශ පරිභෝජනය වාර්තාගත ලෙස පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG