Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකසතනය රකය වයකතය වරතගත ලස ඉහළට  

Add comments

පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නවතම වාර්තාවලට අනුව පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට හයයි දශම පහක්. පාකිස්තානය මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට ව්‍යාපාර වැසෙමින් පවතින අතර ආයෝජන රට තුළට ගලා ඒමද සීමා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පාකිස්තානය තුළ සිටින විදෙස් ආයෝජකයින් සිය ආයෝජන ඉවත් කර ගැනීම හමුවේ පවතින රැකියා අවස්ථාද අහිමි වී යන අතර නව රැකියා අවස්ථා බිහි වීම අවම වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

අඩු විදේශ විනිමය ගලා ඒම හේතුවෙන් උද්ධමනය ඉහළ යාම සහ විදේශ ණය ආපසු ගෙවීම ඇතුළු අවිනිශ්චිත බාහිර හා දේශීය අභියෝග රැසක් පවතින බවද එරට මුදල් අමාත්‍යාංශය ද පවසනවා.

 

 

The post පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG