Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරශය 17 හවරද පරම ළමයක ඝතනය කරම සමබනධයන අදළ පලස නලධරය සමව ගන  

Add comments

ප්‍රංශයේ විරෝධතා අතරතුර 17 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව

ප්‍රංශ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර අඛණ්ඩව ගැටුම් පවතිනවා.

ඒ අතරතුර පොලිස් ආරක්ෂාව නොතකා කඩසාප්පු කොල්ලකෑම් , මෝටර් රථ ගිනිබත් කිරීම් ද සිදුවනවා.

ගැටුම් මැඩලීමට හතලිස් දහසකට අධික පොලිස් බලඇණියක් ද යෙදවිමටයි ප්‍රංශ බලධාරින් කටයුතු කර තිබෙන්නේ.

විරෝධතා අතරතුර 17 හැවිරිදි ළමයා රථවාහන නැවතුම් පොලකින් රිය පැදවීමේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මෙම ඝාතනයෙන් පසුවයි ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූයේ.

කෙසේ වෙතත් ඇල්ජිරියා සහ මොරොක්කෝ සම්භවයක් සහිත මෙම ළමයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව ඉල්ලා තිබෙනවා.

පිරිමි ළමයාගේ මව පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට මිස තමන් මුලු පොලිසියටම දොස් නොකියන බවයි.

 

 

 

The post ප්‍රංශයේ 17 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG