Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටයටනක සනබන නරඹමට ගස අතරදන ව සබමරනය ඔකසජන ඇතත තවත පය 30කට පමණය  

Add comments

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගොස් සිටියදී සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ තවත් පැය 30කට පමණක් බව බලධාරීන් පවසනවා.

සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමඟ තිබූ සබඳතා ඇණහිටි බවයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගිය අතර පොළව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ සිදුකෙරෙන මෙම සංචාරය සඳහා දින 8ක කාලයක් ගතවනවා.

සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි නෞකා, සබ්මැරීන හා ගුවන් යානා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ටයිටැනික් සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තවත් පැය 30කට පමණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG