Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යකරනය පරධන නගර කහපයකට දවනත ගවන පරහර මලවක  

Add comments

රුසියාව යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටිනවා.

යුක්රේනයේ කියෙව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් මෙම ගුවන් ප්‍රහාරවල ඉලක්කය වී තිබෙනවා.

මේ වන විට ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල වෙමින් පවතින අතර ඩ්‍රෝන යානා 28ක් සාර්ථකව විනාශ කළ බව යුක්රේන හමුදාව පවසනවා.

යුක්රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙනුයි එම ඩ්‍රෝන යානා විනාශ වී ඇත්තේ.

මේ වන විට යුක්රේනයේ පිහිටි පෝලන්ත දේශසීමා ආසන්න නගරයක් වන ලීව් නගරයට ද ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

එහි වාසය කරන ජනගහනය ලක්ෂ 7ක්. එමෙන්ම සපෝරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය ආසන්න ප්‍ර දේශයට ද ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

 

 

 

 

 

 

The post යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG