Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටයටන සබමරන අනතරන මයගය බවට සලකන සලයමන ඩවඩ ගන මව සවදව කය කතව  

Add comments

ටයිටන් සබ්මැරීන අනතුරෙන් මියගිය බවට සැලකෙන ව්‍යාපාරික ෂහ්සාදා ඩාවුඩ්ගේ පුත් සුලෙයිමාන් ඩාවුඩ් රූබික් ක්‍රීඩාවෙන් ලෝක වාර්තාවක් තැබීමට සැළසුම්කර සිටි බව ඔහුගේ මව පවසනවා.

බීබීසී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සුලෙයිමාන් ඩාවුඩ්ගේ මව හැගුම්බර ලෙස මෙය ප්‍රකාශ කර තිබෙනවා.

තත්පර 20කට අඩු කාලයක් තුළ රූබික් ඝනකය සැකසීමට සුලෙයිමාන් සමත්ව සිටි බවයි ඔහුගේ මව වන ක්‍රිස්ටින් ඩාවුඩ් ප්‍රකාශ කර ඇත්තේ.

19 හැවිරිදි පුතු ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම්ව සිටි බවයි එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳ හා සුලෙයිමාන් මැලිකමක් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සිය පියා සමග ටයිටන් සබ්මැරීනයෙන් ගමන් කරමින් සිටියදී එය පුපුරා යාමෙන් ඔහු මියගිය බවටයි සැලකෙන්නේ.

මේ අතර ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතු කවරේදැයි සෙවීම සදහා විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. අනාගතයේදී එවැනි අනතුරු සිදු නොවීමට වගබලා ගැනීම එහි අරමුණයි.

The post ටයිටන් සබ්මැරීන අනතුරෙන් මියගිය බවට සැලකෙන සුලෙයිමාන් ඩාවුඩ් ගැන මව සංවේදීව කියූ කතාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG