Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව න්‍යෂ්ටික බලවතුන් ගැන හෙළි වූ දේ  

Add comments

ලොව න්‍යෂ්ටික බලවතුන් තම සංචිත ඉහළ දැමීමට කටයුතු කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2022 වසරට සාපේක්ෂව චීනය මෙම වසරේ දී තම න්‍යෂ්ටික සංචිත සියයට 17කින් පමණ වර්ධනය කර ඇති බවයි මෙහිදී හෙලිව ඇත්තේ.

2022 වසරේ ජනවාරි මාසයේදී චීනයේ න්‍යෂ්ටික සංචිත ප්‍රමාණය 350ක් ලෙස දැක්වුණ ද මෙම වසරේ ජනවාරි මාසයේ දී එය 410ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම චීනය තම ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ පියවරයන් අනුව තවදුරටත් සංචිත ඉහළ දැමීමක් බලාපොරොත්තු විය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

2030 වසර වනවිට ඇමෙරිකාවේ හෝ රුසියාවේ සංචිත ප්‍රමාණයටම චීනයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සංචිත ද ඉහළ නංවනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අතර 2022 වසරේ ජනවාරි මාසයේ දී ලොව පුරා න්‍යෂ්ටික අවි 9,576ක් ඇති බවට සඳහන්.

එය මෙම වසරේ ජනවාරි මාසයේ සිට 12,512ක් දක්වා ඉහළ නැංවීමටයි එම රටවල් පියවර ගෙන ඇත්තේ.

The post ලොව න්‍යෂ්ටික බලවතුන් ගැන හෙළි වූ දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG