Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කනඩව ලව ගන හතවන යරප කලපය වයගලය දෂණය ඉහළට  

Add comments

කැනඩාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් යුරෝපා කලාපයේ වායුගෝලීය දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

නැගෙනහිර හා බටහිර කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ටොන් මිලියන 160 ක පමණ කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වී ඇති බව යුරෝපා වායුගෝලීය නිරීක්ෂණ සේවය නිවේදනය කරනවා.

ලැව් ගිනි ඇතිවීම වසරේ මෙම කාලයේදී සාමාන්‍යයෙන් සිදු වුවද මෙම වසරේදී කැනඩාවේ තත්ත්වය දරුණු අතර හැරී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වර්ග කිලෝමීටර් හැත්තෑ හය දහසක පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

එම භූමි ප්‍රමාණය 2016, 2019, 2020 හා 2022 යන වසර වල ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ විනාශයට පත් වූ භූමි ප්‍රමාණයට සමාන බවයි වාර්තා වන්නේ.

මීට පෙර වැඩිම කාබන් ප්‍රමාණයක් නිකුත් වි තිබුණේ 2014වසරේ වන අතර එම ප්‍රමාණය ටොන් මිලියන 140 කට ආසන්න වනවා.

වායුගෝලීය දූෂණය හේතුවෙන් ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපයේ ජනතාවට මුඛ ආවරණ පළදින ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

 

 

 

 

 

The post කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් යුරෝපා කලාපයේ වායුගෝලීය දූෂණය ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG