Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බරතනය සමසත ජනගහනයන 14%කට ආහර හඟකමන පඩ  

Add comments

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යාමත් සමඟ එරට දුගී ජනතාව කුසගින්නේ සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය හේතුවෙන් මිලියන ගණනක පිරිසකට කුසගින්නේ සිටීමට සිදුව ඇති බවයි බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

එරට සමස්ත ජනගහනයෙන් 14%ක ප්‍රතිශතයක් ආහාර හිඟකමෙන් පීඩා විදින බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

බොහෝ පිරිසකට තම දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි බැවින් ආහාර නිෂ්පාදනය ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බවයි සසෙක්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ.

මීට දශකයට පමණ ඉහතදී ආහාර නොමැති පුද්ගලයින්ට ආහාර ලබා දෙන ස්ථාන සියයකටත් අඩු සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ පිහිටා තිබූ අතර මේ වන විට එම සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබෙනවා.

මේ අතර 2022 වසරේ සැප්තැම්බර් වන විට ආහාර හිගකමෙන් පෙළුණු සමස්ත සංඛ්‍යාව මිලියන 10 කට ආසන්න බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

 

The post බ්‍රිතාන්‍ය සමස්ත ජනගහනයෙන් 14%කට ආහාර හිඟකමෙන් පීඩා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG