Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පටන ජතය අමතය  

Add comments

රුසියා ජනාධිපති පුටින් ජාතිය අමතා තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයට යොදා ගත් වැග්නර් කුලී හමුදා කණ්ඩායම රුසියා හමුදාවට එරෙහිව යාම නිසා ජාතිය ඇමතීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කටයුතු කළා. ඔහු තම රට මේ අවස්ථාවේ බලපා තිබෙන දුෂ්කර තත්ත්වය පිළිගෙන තිබෙන අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමට අනතුරු අගවා තිබෙනවා. රුසියාව මේ වන විට මොස්කව් අගනුවර ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා. වැග්නර් කල්ලියේ නායකයා රුසියා හමුදා නායකත්වය විවේචනය කරමින් කැරැල්ලකට සූදානම් වන බවට වන බුද්ධි තොරතුරු අනුව රුසියාව මෙම පියවර ගෙන තිබෙනවා. ජාතිය අමතමින් රුසියා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඕනෑම අභ්‍යන්තර කැලඹීමක් අපගේ රාජ්‍යත්වයට සහ ජාතියක් ලෙස මාරාන්ති තර්ජනයක් බවයි. අප මුහුණ දි ඇත්තේ පාවාදීමකට බවත් මගේ රට ආරක්ෂා කිරිමට ඕනෑම දෙයක් කරන බවත් පුටින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා මැදිහත්ව සිටින අයගෙන් තමා ඉල්ලා සිටින්නේ අපරාධ ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත් බව පූටින් සදහන් කොට තිබෙනවා.

 

 

 

The post පුටින් ජාතිය අමතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG