Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සඩනය ගවන පරහරයකන පදගලයන 17 ක මරට  

Add comments

සුඩානයේ කාර්ටුම් නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

සුඩානයේ ජනාකීර්ණ නගරයක් වන යාර්මුක් ප්‍රදේශයට ද ගුවන් ප්‍රහාර එල්වී ඇති අතර එහි නිවාස 25ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා.

ප්‍රහාර වලින් ළමයින් 5 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

සුඩාන හමුදාව සහ ආර් එස් එෆ් හමුදා කණ්ඩායම අතර සටන් ආරම්භ වූයේ රටේ හමුදා නායකත්වය තුළ ඇතිවූ දරුණු බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ මෙම ගැටුම් මේ දක්වා සිදුවන අතර ආර් එස් එෆ් හමුදා කණ්ඩායම විසින් ආයුධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් සිය පාලනයට නතුකර ගැනීමෙන් පසු පැය 72ක සටන් විරාමයකට ද එකඟ වුණා.

එය සෞදි සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් විසින් නිවේදනය කරනු ලැබුවා.

ගැටුම් ආරම්භ වූදා සිට දසදහසකට වැඩි සිවිල් වැසියන් අසල්වැසි රාජ්‍යයන් වෙත පලාගොස් තිබෙනවා.

The post සුඩානයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG