Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝානාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක  

Add comments

ඝානාවේ හෙදියන් රැකියාව සඳහා බ්‍රිතාන්‍යයට පිටත් වීමත් සමග එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

දුගී රටවල වෘත්තිකයන් වැඩි ආදායමක් ලබා ගැනිම සදහා විදේශගත වීම මේ වන විට වැළැක්විය නොහැකි මට්ටමකට පැමිණ ඇති බව බීබීසි පුවත් සේවය සඳහන් කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමට පුහුණු හෙදියන් ප්‍රමාණවත් තරම් නොමැති වීම හරහා ඝානාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බවයි බීබීසි පුවත් සේවය තවදුරටත් පවසන්නේ.

පසුගිය වසර තුළ දී පමණක් ඝානාවේ හෙදියන් 1200කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්ව ඇති බව ද සඳහන්.

මෙලෙස විශාල වශයෙන් ඝානාවේ හෙදියන් විදේශගත වීම සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

The post ඝානාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG