Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මසකව ඇලලගනන ආ වගනර බලරස මදහතවමන පසබසය  

Add comments

මොස්කව් නගරයේ බලය තහවුරු කර ගැනීම නතරකර වැග්නර් හමුදා පසුබැසීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙම තීරණයට පැමිණ ඇත්තේ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මැදිහත් වීමෙන් රුසියාව සමග ඇති කරගත් එකඟතාවකට අනුවයි.

මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබුණා. ඒ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මැදිහත් වීමෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ වැග්නර් හමුදා ප්‍රධානියා අතර ඇති කරගත් එකඟතාවයකට අනුවයි. ඒ අනුව වැග්නර් කණ්ඩායම් රුසියාවෙන් ඉවත්ව බෙලරුස් වෙත යාම ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඊයේ යුක්රේන මෙහෙයුම් අත්හැර රුසියාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශයට පත් කරමින් රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වී එය අත්පත් කර ගත්තා. ඒ යුක්රේනයේ බක්මුත් සිටි සිය සේනාංක ඉලක්ක කර රුසියානු රජයේ හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවට වැග්නර් හමුදා චෝදනා කරනවා. එහිදි වැග්නර් ප්‍රධානි යෙව්ගිනී ප්‍රිගෝෂන් අවධාරණය කලේ රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂූලෝව් සහ හමුදා ප්‍රධානී වැලෙරි යෙරාසිමොෆ් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි. එසේ නොමැති නම් මොස්කව් අගනුවර වෙත පැමිණෙන බව ද වැග්නර් කණ්ඩායම් තර්ජනය කළා. ඒ යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ගෙවුණු මාස 16ක කාලය තුළ රුසියාව මුහුණ දීමට සිදුවූ විශාලම අභියෝගය නිර්මාණය කරමින්. කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ බවට වන වැග්නර් හමුදා චෝදනාව රුසියා ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය ඇමතු රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිදුවීම දේශද්‍රෝහි ක්‍රියාවක් බවට ප්‍රකාශ කළා. මෙවන් පසුබිමක මොස්කව් නගරය ආසන්නයටම පැමිණ සිටි වැග්නර් හමුදා මෙහෙයුම් අතහැරීමට තීරණය කළා.

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව අනුව වැග්නර් කණ්ඩායම මුළුමනින්ම රුසියාවෙන් ඉවත්ව බෙලරුස් රාජ්‍ය වෙත ගමන්කිරීමට තීරණය කර ඇති අතර ඔවුන්ට එරෙහි සියලු අපරාධ චෝදනා අත්හැර දැමීමට රුසියා ජනාධිපතිවරයා එකගවී ඇති බවයි වාර්තා වන්නේ.

 

The post මොස්කව් ඇල්ලගන්න ආ වැග්නර් බෙලරුස් මැදිහත්වීමෙන් පසුබසියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG