Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ ව්‍යවසායකයින් 500 කට ණය  

Add comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය තුළින් තරුණ ව්‍යවසායකයින් 500 දෙනෙකුට ණය ලබාදී තිබෙනවා.

කුඩා පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ අද වනවිට රුපියල් මිලියන 217 ක මුදලක් තරුණ ව්‍යවසායකයින් 515 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. ණය යෝජනා ක්‍රමය පිළිබද පැවති ප්‍රගති සමාලෝචන වාර්තාව වැඩිදුරටත් සදහන් කරන්නේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ව්‍යවසායකයින්ට ණය නිකුත්කර ඇති බවයි. දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් තරගකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කෙරෙනවා. ඒ අනුව පළාත් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සබරගමුව පළාතයි. එම පළාතේ සියදෙනෙකු වෙනුවෙන් ව්‍යවසායක ණය නිකුත්කර තිබෙනවා. ඇඟලුම්,රූපලාවන්‍ය, ඉදිකිරීම්, කාර්මික, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යවසායකයින් මේ අතර වනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG