Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් උපාධිධාරීන් 123 දෙනෙකුට ගුරු පත්වීම්  

Add comments

තවත් උපාධිධාරීන් 123 දෙනෙකු ගුරු සේවයට බඳවා ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ ජාතික සහ පළාත් පාසල්වල උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෘත්තිය විෂයන් ඉගැන්වීම සදහා. පත්වීම් ප‍්‍රදානය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පෙරවරුවේ පැවැත්වුණා. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන අවස්ථා උදාකරදිමයි මූලික අරමුණ. ඒ සදහා ක්ෂේත‍්‍ර 26 ක් යටතේ වෘත්තිය විෂය ධාරාවක් හදුන්වාදිමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. නියමු ව්‍යාපෘතිය 2017 වසරේ දී පාසල් 42 ක් මුල්කර ගනිමින් කි‍්‍රයාවට නංවා තිබෙනවා. දෙවන අදියර සදහා තෝරාගත් පාසල් ගණන 150 ක්. තුන්වන අදියර ලෙස පාසල් 400 කට වෘත්තිය විෂයධාරා හදුන්වාදීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG