Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ විශ්විවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්  

Add comments

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ක්ෂේත්‍ර පුහුණුවීම් සදහා විදේශ විශ්විවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට පියවර ගැනෙනවා.

ජාතික සමාජ සංවර්ධන ආයතනයයි එම කටයුතු සිදු කරන්නේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩසටහන සදහා විදේශ විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාකච්ඡා කර  එකගතාවන්ට පැමිණ තිබෙනවා.

ඒ අනුව බෙල්ජියම, කොරියාව, ජපානය, ඉන්දියාව ඇතුළු  රටවල් කිහිපයක විශ්ව විද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතයි.

තරුණ ළමා හා වැඩිහිටි රැකවරණය, දේශීය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩසටහන් , වැඩිහිටි රැකවරණය පිළිබද පර්යේශන, ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරුව ඇතුළු පාඨමාලා වෙනුවෙන් මෙලෙස විදේශ විශ්ව විද්‍යාල සමග ගිවිසුම්වලට එළඹෙනු ඇති.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG