Jan
31
යේමනයේ ළමයින් ලක්ෂ පහකට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා.
යේමන දරුවන්ගේ මානුෂීය තත්ත්වය පිළිබද ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නෙ. පසුගිය මාස හය තුළ මෙම තත්ත්වය වර්ධනය වී තිබෙනවා. සවුදිය මූලික කරගත් හමුදා කණ්ඩායම් එල්ල කළ ප‍්‍රහාර වලින් බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නෙ. අධ්‍යාපන ප‍්‍රවේශය අහිමිවීම කුසගින්න සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම ඔවුන් මුහුණපාන ප‍්‍රධාන ගැටලුවක් බවද යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා.
Post a Comment