Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මකයි  

Add comments

රටක සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මක බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

අමාත්‍ය තලතා අතුකෝරල,

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් දෙකකින් යුතුව ඉදිකෙරෙන අධිකරණ සංකීර්ණයේ දිසා අධිකරණයක්,මහේස්ත්‍රාත් අධිකරණයක් හා  කාර්යාල පහසුකම් ඇතුළු ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල ඇතුළත්. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ තුන්දහස් හත්සිය විසි අටක්. මෙහි වැඩකටයුතු 2021 වසරේ දී අවසන් කිරීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG