Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි අරාබි දානපතියන්, කුමාරවරුන් සහ ධනකුවේරයන්ටත් වැඩ වරදී  

Add comments

සෞදි අරාබිය 2017 වසරේදී ක්‍රියාවට නැංවූ දූෂණ මර්දන වැඩසටහන අවසන් කර තිබෙනවා.

දූෂණවලට සම්බන්ධ සෞදි අරාබි දානපතියන්, කුමාරවරුන්, ධනකුවේරයන් හා ව්‍යාපාරික ප්‍රධානීන් සිය ගණනක් මෙම දූෂණ මර්දන වැඩසටහන තුළින් හෙළි කර ගැනීමට හැකි වුණා.

ඒ අනුව දේපල සහ මුදල් ඇතුළු ඇමෙරිකා ඩොලර් බිලියන 100 කට වැඩි ප්‍රමාණයක් රජය නැවත ලබාගෙන ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මේ වන විට තවත් පුද්ගලයින් 87 දෙනෙකුට පමණ දූෂණ සහ වංචා චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගෙන් අට දෙනෙකු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG