Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ආනයනය කරන බවට නගන චෝදනා අසත්‍යයි  

Add comments

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ආනයනය කරන බවට විපක්ෂය නගන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම සදහන් කරනවා.

මෙරට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිගු මෙට්‍රික් ටොන් දොළොස් දහසක ප්‍රමාණයක් අවශ්‍ය කෙරෙනවා. එමෙන්ම සෝයා බෝංචි මෙට්‍රික් ටොන් හයදහසක අවශ්‍යතාවක් ද පවතිනවා. මේවා ටෙන්ඩර් මගින් ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සදහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කෙරුණා. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් ද ක්‍රියාත්මකයි. මෙම ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අවම ලංසුකරුවන් වන දේශීය සමාගමකට අදාළ ටෙන්ඩරය ලබා දී තිබෙනවා. ඒ අනුව බඩඉරිගු තොග ආනයනය කිරීම සදහා කිසිදු කැබිනට් තීරණයක් ගෙන නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG