Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් මිලියන 20 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට  

Add comments

රුපියල් මිලියන 20 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සමත් වුණා. ඒ පිටකොටුව ඔරලෝසු කණුව අසළදී.

කුඩා කන්ටේනර රථයකින් දුම්වැටි තොගය ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

නැව් අමතර කොටස් ආනයනය කරන බව පවසමින් දුම්වැටි තොගය ඩුබායි සිට මෙරට රැගෙනවිත් ඇති බව හෙළිවුණා

දුම්වැටි ලක්ෂ හතරක ප‍්‍රමාණයක් එහි තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG