Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Aug 31

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු සිවුනමක් අත්අඩංගුවට ගන්නැයි නියෝග  

Add comments

රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාවට පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ හතර නමක හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

2006 වසරේ නොවැම්බර් 7 වනදා සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ උද්ඝෝෂණයකදී මෙසේ රාජ්‍ය දේපලවලට හානි සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන ස්වාමීන් වහන්සේ හා යූ කේ ශ්‍රියාණි යන අය මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. ඇප මත සිටින පූජ්‍ය ඇතුළුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කර තිබුණා. ඒ අනුව උන්වහන්සේට නිකුත්කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින එම් ඒ ජීවනී යන අය අද (31) අධිකරණය හමුවේ පෙනී සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG