Aug
31
නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු සාකච්ඡාව මේ මස අගදි පැවැත්වෙනවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් මුහුණට මුහුණ සාකච්ඡාවට එක්වන බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය මෙහෙමුද් කුරේෂි අතරයි සාකච්ඡාව සංවිධාන කර තිබෙන්නෙ. එහිදි සාර්ක් සමුළුව කඩිනමින් පැවැත්විම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරෙනවා. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර නිව්යෝර්ක් හිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඉන්දියාව මෙන්ම පාකිස්ථානය ද තහවුරු කර තිබෙන්නෙ.
Post a Comment