Aug
31
ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මැල්කම් ටර්න්බුල්ගේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති වීම හේතුවෙනුයි ඔහු මෙසේ ඉවත් වී තිබෙන්නේ. පසුගියදා මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉවත් වුණා. ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ලෙස ස්කොට් මොරිසන් දිවුරුම් දුන්නේ පසුගිය සතියේයි. මැල්කම් ටර්න්බුල් පසුගිය වසර 10 තුළ පක්ෂ නායකත්වය පිළිබද අර්බුදයක් හේතුවෙන් බලයෙන් පහකෙරුණු 04 වන අග්‍රාමාත්‍යරයායි.
Post a Comment