Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අදත් ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක්  

Add comments

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනය තුළ දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් පැමිණ සිටියා.

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත පැවැත්වෙන ප්‍රදර්ශනය අද දිනයෙන් අවසන් වනවා. නව ව්‍යවසායකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන කලාපයටද විශේෂාංග රැසක් ඇතුළත්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පැවැත්වෙනවා. රූපවාහිනිය හා ගුවන්විදුලි ප්‍රවෘත්ති මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන ආකාරය මෙම ප්‍රදර්ශන කුටියේදී දැකගත හැකියි. නවක නිවේදක නිවේදිකාවන්ට ද තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙහිදී හැකියාව උදාවුණා. ඒ අනුව අද පැවති තිර පරීක්ෂණයේ දී බිබිලේ පදිංචි අචිනි නිලූකා අබේරත්න නිවේදිකාවක් ලෙස තේරී පත්වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG