Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශන භූමියට ජන ගඟක්  

Add comments

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දිනයේ ද එය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.  සංහිදියාව/ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමිනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. මොනරාගල පැවැත්වෙන ප්‍රදර්ශනයේ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත  ධනුෂ්ක බණ්ඩාර.

ධනුෂ්ක බණ්ඩාර,

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් අනුවයි මෙය සංවිධාන කර ඇත්තේ. නව ව්‍යවසායකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පවතිනවා.  මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රදර්ශන භූමියට එන බොහෝ පිරිසක් අයිටීඑන් කුටියට ද ගමන් කරන බවයි අප නිශ්පාදක කණ්ඩායම සදහන් කරන්නේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය අලෙවි කුටි බෙදා දීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශාල පිරිසක් මේ වන විටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ දී ආයෝජන සදහා ණය ලබා ගැනීමට අයදුම් කර තිබෙනවා. රාජ්‍ය බැංකු මගින් ව්‍යවසායකයින් පනස් දෙනෙකු සදහා ණය ඔප්පු පිරිනැමීම සිදු කෙරුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අද දිනයේ ක්‍රියාත්මක කෙරුණා. සංහිදියාවට මග පෙන්වන අහන්න වැඩසටහන ද මෙහිදී ක්‍රියාත්මක වනවා. ඒ සදහා ද විශාල පිරිසක් එක්ව සිටිනවා.  ප්‍රදර්ශන භූමියේ දී සෑම දිනකම රාත්‍රී 8.30 සිට සංගීත සන්දර්ශනයක් පැවැත්වෙනවා.  ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG