Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසිප්පු පෙරපු පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රී මාට්ටු  

Add comments

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සිදු කරන නීති විරෝධී හා දාමරික ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනයේ නිරත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුට එරෙහිවත් දැන් නීතිය ක්‍රියාත්මකයි.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පසුගිය සතියේ අවස්ථා දෙකකදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා. එක් අවස්ථාවකදී සොරකමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තා.  දෙවන වතාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනු යි. පළාත් පාලන ඡන්දයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වැරදි කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වහාම ඉවත් කරන බවයි.

අමාත්‍ය කබීර් හෂීම්,

මාවනැල්ලේදී පමණක් නොව මින්නේරියේ දීද පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයන් සිදු කළ නීතිවිරෝධී කටයුත්තු පිළිබද දැන් රටට හෙළිවී තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට පහරදුන් මෙම මන්ත්‍රිවරයා ඇතුළු පිරිස ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේ වුවද පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඉදිරියේ දිවුරුම් දෙමින් කියා සිටියේ කිසිදු වංචාවකට, දූෂණයකට හෝ විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ නොවන බවයි. එහෙත් දැන් එය වචනවලට පමණක් සීමා වී තිබෙනවා. එමෙන්ම මෙවැනි නීතිවිරෝධී මත්පැන් නිශ්පාදකයන් හා මැරවරයින් සමග උද්ඝෝෂණය කිරීමට රාජපක්ෂවරුන් සූදානමින් සිටිනවා. එම උද්ඝෝෂණ හුදෙක් මහජන යහපත උදෙසා නොව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදු කරන ඒවා බවයි මෙයින් පෙනී යන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG