Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාකඳුරේ මධූෂ්ගේ ප‍්‍රධාන ආධාරකරුවන් 2ක් අත්අඩංගුවට  

Add comments

පාතාල නායකයෙකු වු මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු හෝමාගම සහ බණ්ඩාරගම ප‍්‍රදේශ වලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ටී 56 වර්ගයේ ගිණි අවියක් සහ ජීව උණ්ඩ 29 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නෙ. 35 හැවිරිදි එක් සැකකරුවෙක් හෝමාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 36 හැවිරිදි අනෙක් පුද්ගලයා බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළා. සැකකරුවන් පසුගිය 14 වනදා රත්නපුරයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිරිමේ අපරාධයට සම්බන්ධ බවටයි අනාවරණය වී තිබෙන්නෙ. ඔවුන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කර තිබෙනවා. එහිදි සැකකරුවන් ලබන 04 වනදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය පොලිසියට අවසර දුන්නා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයයි පරීක්ෂණ සිදුකරන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG