Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්  

Add comments

සිංගප්පූරු  ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටිනවා. එහෙත් මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් දේශීය නිෂ්පාදකයන්ට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් එහි ප්‍රතිපත්ති සැකසී තිබෙනවා.  වී, ධාන්‍ය සහ තිරිගු වැනි ද්‍රව්‍ය  යොදාගමින් සිදු කරන නිෂ්පාදනවලදී  ඒවා සිංගප්පූරු භූමියෙන්ම ලබාගත යුතු බව  ගිවිසුමේ දැක්වෙනවා.

එහෙත් සිංගප්පූරුවෙහි කුඹුරු නොමැති හෙයින්  එහිදී ලබා දෙන තීරු බදු සහනය සිංගප්පූරු ව්‍යවසායකයන්ට හිමි වන්නේ නැහැ. කෙසේ වුවද පාකිස්ථානය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවලින්   ලබා ගන්නා සහල්  සිංගප්පූරු  හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවස්ථාව පවතින බවටය ඇතැමුන් චෝදනා කරන්නේ. එහෙත් මෙම ගිවිසුමට අනුව  ඒවා නිශේධ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින්  ගිවිසුමට මුවා වී කිසි ලෙසකින්වත්  මේවා ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකියී.

සේවා වෙළදාම පිළිබද දැනට පවතින නීති රීති සිංගප්පූරු ගිවිසුමට ඇතුළත් වන බැවින් එහිදීද ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල විය නොහැකියී. පවතින රෙගුලාසි වලට අනුව ඉදිකිරීම් සේවා අවස්ථාවලදී සියයට සියයක් විදේශ කොටස් හිමිකාරීත්වයට  අවස්ථාව හිමිවනවා. මෙම ගිවිසුමෙන් එය සියයට 40 කට සීමා කිරීම විශේෂත්වයක්. විදේශ ආයෝජන සිදු කරන සිංගප්පූරු සමාගම්වල ඉහළ කළමනාකරුවන්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබුණද එය පවතින ආගමගන නීති රීතිවලට යටත්වයි සිදු කෙරෙන්නේ.

එහෙත් ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ වැටුප් අතර විශාල වෙනසක් පවතින බැවින් අඩු වැටුපකට ශ්‍රී ලංකාවේ සේවය සැපයීමට සිංගප්පූරු සේවකයන් පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.  වෘත්තීය සේවා නිදහස් කිරීමක්ද මෙම ගිවිසුම හරහා සිදු වන්නේ නැහැ. විදේශ වෙළඳාම සම්බන්ධයෙන්  ක්‍රියාත්මක නීති රීති අනුව සැකසුනු මෙම ගිවිසුම රටේ ස්වාධීනත්වය  රැකගනිමින් ඇති කළ එකක බව මේ අනුව පැහැදිලි.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG