Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්  

Add comments

ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ආපනා ශාලා හා අනෙකුත් වෙළෙඳ ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එම වැඩපිළිවෙලේ අරමුණයි.

ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කෙරෙන ප්‍රදේශවල වසා දමා තිබූ ආපන ශාලා හා ආහාර ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථාන යළි විවෘත කිරීමත් සමඟ ජනතාව එම ස්ථානවලට වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා. කොරෝනා වෛරසය පාලනය සඳහා හඳුන්වා දී ඇති ක්‍රමවේද හා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම ආයතන කටයුතු කරන්නේ ද යන්න නිරතුරුව පරීක්ෂාවට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එවැනි පරීක්ෂාකිරීම් රැසක් සිදු කෙරුණා. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසයි වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයින්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දුන්නේ.

මහනුවර ගෙලිඔය නගරයේ වෙළෙඳසැල් මෙන්ම පදික වෙළෙඳුන් සිදුකරන වෙළදාම් පිළිබඳවද පරීක්ෂා කිරීම් සිදු කෙරුණා. සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයකට නඩු පැවරීමට පියවර ගැනුනු අතර පදික වෙළෙඳාමේ යෙදී සිටි වෙළෙඳුන් ඉවත් කිරීම ද සිදුවුණා. ගෙලිඔය නගරයේ වෙළෙඳසැල් හා මංමාවත් විෂබීජහරණයට ද ලක් කෙරුණේ පාර්ශ්ව කිහිපයක සහයෝගය මතයි.

 

 

 

The post ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG