Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න 14 වන දා තෙක් රිමාන්ඩ්  

Add comments

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා පෙබරවාරි මස 14 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ අනුව නීතිඥ අජිත් ප්‍රසන්න, අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්තලියනගේ මහතා නියෝග කළේ.

මේ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට කොළඹ මහාධිකරණ විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.. සැකකරුවන් පසුගිය වසරේ දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළා. සැකකරුවන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය චෝදනා කර සිටියි .

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර මෙවැනි චෝදනාවකට තමාට ඇප ලබා දීමේ බලයක් නොමැති බව පවසමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කස්තුරිගේ ගාමිණි නැමැත්තාගේ බිරිඳ සහ විජය කාන්තන් යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතිරේක
මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

මීට අමතරව මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර , නිශාන්ත සිල්වා සහ නාවික හමුදාවේ නිළධාරී චමින්ද වෙලගෙදර යන අයගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට පොලිසියට දන්වා සිටිනවා.

The post නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න 14 වන දා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG